Friday, August 17, 2012

මගී ජනතාව....




මේ සිද්දිය වුණේ වැඩි ඈතක නෙමෙයි.
ඊයේ පෙරේදා වගේ. ගිය සතියෙ කියමුකො.

අවශ්‍යතාවයකට  kandy (කවුරුවත්  දැන් මහනුවර දන්නෙ  නෑනෙ)  ගිහින් ගෙදර එන්න මීගමුව  (kandy- negambo 245/1) bus එකකට නැග්ගා.
වැඩිය සෙනග නෑ. දුක නැතිව ඉදගත්තා.
Peradeniya  hospital එක ළගට එනකොට seat full.

මල්වත්ත ලගින් couple එකක්( කොල්ලෙක් හා කෙල්ලෙක්) bus එකට නැග්ගා.
දෙන්නා ඇවිත් හිට ගත්තෙ මම ඉදගෙන හිටිය seat එක ළග.3 × ‍2 seat තිබුන නිසා වංගුවක් ගනිද්දි කෙල්ල මගෙ කරේ.
රු 45ක් දීලා ticket එකක් ගත්තෙ කෙල්ලෙකුත් කරේ තියාගෙන යන්නද? මට මල.....

කොහොම හරි දෙන්නා බස් එකේ හිට ගෙන පෙම් බස් දොඩවනවා. දොඩවනවා කීවට හයියෙන් කියවනවා. වටේ පිටේ ඉන්න අයටත් ඇහෙනවා.
එත් ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා.

මටත් ඇහුනා. රේඩියෝ on කරලා තිබුනෙත්  නැති නිසා voice එක පැහැදිලියි.

v     ඡන්ද පෝස්ටර්
v     කටුනායක ගුවන් තොටුපොල
v     අලුත් වරාය යට තියෙන ගල
v     ලංකාවේ සංචාරක කර්මාන්තය.
v     ඇමරිකාවේ දේශපාලනයේ පිරිසිදු බව,

වගේ කාලීන මාතෘකා ගොඩාක් කතා වුණා.
මට දෙබස් නම් මතක නෑ. කඩුගන්නාවට එන කොට ලෝකෙන් බාගයක් විතර cover කරා.

කඩුගන්නාවට එනකොට කෙල්ලට බඩගිනියිලු./
කෑගහනවා.
අපිව කන්න වගෙ.
කොහම  හරි කඩුගන්නාව පල්ලම බහිනකොට මොනවදො ඇරන් කන්න ගත්තා.

ටික  වෙලාවකින්  මට උල්කාපාත වැටෙනවා වගෙ දැනුනා.
මොනවද  දන්නෙ  නෑ වැටෙනවා.
මාත් කන්න වගෙ උඩ බැලුවා.
ඒ වෙලාවෙ තමයි දෙන්නව දැක්කෙ.
සාමාන්‍ය කෙල්ලෙක් මොනවදො කරලා දැන් අංග විකල type එකට පෙන්නෙ.
කොල්ලත් කෙල්ලටම ගැලපෙනවා. උගෙ action බස් එකටම පොර ඌ වගෙ.

Couple එක වඩේ කනවා.
කනවා කීවට වඩේ පිළිබද විචාරයක් ඉදිරිපත් කරනවා.
කෙල්ල  කියනවා එතන පොඩියිලු. අද නම් ලොකුවට තියෙනවලු.
කොල්ලා කියනවා  අද 10  ඒවම ගත්තලු. වෙනදා 5ටලු  ගන්නෙ.
බස්  එකේ  rhythm එකට මුනු දෙන්නා කනවා.
සුන්බුන් මගෙ ඇගේ.
කන දේට බනින්නත් බෑනේ.

මිරිස් කෑලි එකපාරටම උඩින් වැටෙනවා.

මට ඉන්න බැරිම තැන උඩ බැලුවා. බලාගෙනම හිටියා.

කෙල්ල කන්න බෑ කියලා පෙන්න අමාරුවෙන් කනවා.
ගෑරොප්පුවක් නැතිව කන වඩේ කැවෙන්නෙ නැතිව ඇති.

ටික වෙලාවක් උඩ බලන් ඉන්නෙකාට වෙට් පිෙට් මිනිස්සු මෙග දිහා බලන් ඉන්නවා. නිකන් වැරදි කාරෙයක්ගෙ   දිහා  බලනවා  වගෙ  ඹරවනවා.
කරෙ  තියන් යනවා
සුන් බුන් ඒකතු කරනවා
තව වැරදි කාරයත් වෙලා වටෙට ඉන්න ඒවුන්ට.

මම හිතන්නෙ කෙල්ල වෙඩ් 2ක් ද කොහෙද  කෑවා.
මගෙ අැගට වැටුණ සුන් බුන් ඒකතු කරානම් වඩෙ ඒක හමාරක් ඒතන.

මෙහෙම යනකොට ෙදන්නා silent වුණා.

අායෙත් ටික වෙලාවකින් කෙල්ල කියනවා
අැයි පොඩි, මට ඹ්නෙ ලොකු ඒකක්නෙ,

මට ඒක පාරටම උඩ බැලුනා,
මුන් දෙන්නා ඊළගට මෙ බස් ඒකෙ මොනවා කරන්න යනවද දන්ෙන නෑනෙ. පැත්තකට වෙලා ඉඩ දෙන්නවත්, අහක ඉන්න අපි පවුෙන.

වතුර බේතලයක්........ අපොයි, මට නිකන් හීන් දාඩිය දැම්මා,
ගෑරොප්පුවක් නැතිව වෙඩ් කෑවෙ ඒහෙමනම් බෝතෙලන් වතුර කොහම බොයිද?

මගෙ වාසනාවට බස් ඒක halt ඒකෙ නැවැත්තුවා.
මාත් පුලුවන් තරම් ඉක්මනින් බස්    ඒකෙන් බැහැ ගත්තා.

Thursday, August 16, 2012

මතකය


ඹබ මගේ වූ එදා ඒ අතීතය
යලිත් සිහිවිණ
නෙතු ගැටුන නිමේශයට
නූඹේ ඇස් මගේ වූ සොදුරු ඒ අතීතය
ආදරය නොකිය විණ................
එක වරක්, ඹබේ ඹය දෙසවනට
ගියත් ඹබ නොදුටු සේ මෙදා ඒ අතීතය
සවන් දෙන්නට නො යදිනෙමි
හද හඩන රාවයට
පිවිතුරුය මෙදා ඹබ තවම ඒ අතීතයට
වරද මගේ විය
නො සිම්බෙමි ඹබේ ඹය මුව මඩල..........
කිසිදිනෙක
කිසිවිටෙක..