Sunday, June 25, 2017

Thursday, November 1, 2012

දැනුනා........






එක නිමේශයක්....
දැනුනා......
මිනිස් හඬක් නොඇසෙන ඉසවුවක දී,
ශුන්‍ය වූ මොහොතක....

ඉතිරිව ඇත තවත්.....
සිත සුවඳ කරන.
මල් කැකුළු දෙකක්...!!!!




Tuesday, October 23, 2012

බලේන් පැමිණිම






බලෙන් පැමිණීම.

යකෝ!.............අපේ රටේ එවුන්ගේ ගෑස්..........අහිංසක විදියට blog එකට ගන්ට කිවම ගනන් ගන්නැ.
මුන්ගේ අහවල් එක......

මම මැර චරිතේ දලා බලේන්ම enter වුනා seen එකට!

දැන් ඉතින් සොරිම තමා උඹලාට......මං දාන එවා කියවපල්ලා කියවලා දාපල්ලා comment 50ක් වත් නැත්තන් මම නරක මිනිහා කියන්ට එපා!

(අද උදේ මොකා දැක්කද දන්නැ.........මල අතේ මයි!)

ජින්ජි බරස් මට එකත් අමතක උනා නේ!

මම තමයි අණ්ඩපාල හරිය.....කේලින්ම කියනවනමි අණ්ඩපාල අරචිචිලාගේ අණ්ඩපාල!

මට ආදරේට කටිටිය කියන්නේ Un කියලා හරිය........උඹලා එක නොකිවට කමක් නෑ හරිය....

අද ඉදලා කවුද මේක Run කරන්නේ? කවුවුවුවුද?????????????...........ඇහේන්නැ යකෝ!

ආආආආආආආආආ අන්න ඌ තමා!! හොඳට හොඳට මතක තියා ගනිල්ලා හරිය...........

අපි ගියා!!!
උඹලට දෙයියන්ගේම පිහිටයි!

Sunday, October 14, 2012

ජීවිතේ කවියක්










ජීවිතේ කවියක්
ආදරේ එහි සොදුරුතම වදනක්
කදුළැලි බිදක් හසරැලි පොදක්
එකට එක්වූ විට දැනෙයි
පෙර නොවිදි රසයක්....

පසුපසින් හඹා එන අතවර
හැර දමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා
හැගුම් අවදිව මැවේ කවිකම......


සෙනෙහසින් රැදී උන් එක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ලන් වේද තනියට......

Saturday, September 15, 2012



මිහිරියාව
තනිව විදින්නට
නිහැඩියාව
තනිව අසන්නට
අනන්තය
තනිව දකින්නට
ඹබේ ලෝකය
ඹබේ ලෝකය ඹබම
                               තනන්නට

වෙන් වූ ඹබ

දෑත් පටලා සිනාසෙයි අද
මිහිදුමකින් ලොවම වසාගෙන

Friday, September 7, 2012

You are my life !


You are my life !




තුෂර පොද සිසිල  නුඹ -

                        විඩා දෙන කතර මැද,

කැළුම් නුඹ තනි තරුව -

                        සඳ නොමැති අහස් කුස,

පහන් සිළු එළිය නුඹ-

                        පාලු රෑ තනි කමට,

නිසල විළ තුල පෙනෙන -

                        සඳ නුඔයි මගෙ දිවිය.