21 වෙනි සියවසේ
දෙවැනි දශකයේ මානව සමාජය
දුප්පතුන් නැති
වහලුන්,
කම්කරුවන් නැති
මෙ ලෝකයේ
සිටිනුයේ......
ප්‍රසන්න
පිවිතුරු
මිනිසුන්ය.....
සියල්ලන්ටම විධායක ශ්‍රේණියේ
රැකියා සතුය.
ආදායම කෙසේ වුවත්,
වියදම සරු
සාර බව ලොවට පෙන්වති.
සියල්ලෝම අවිහින්සාවාදින්හුය,
ඔවුන් ඩෙංගු මදුරුවාටද,
පිස්සූ බල්ලාට ද
සමානව අනුකම්පා කරති.
Vegetarian
නිසා beef නොකති.
තරු පහේ chicken පමණක්
ඉදහිට කන බවට ඉගි කරති.
පිරිමින්ට පෙම්වතියන් නැකි අතර
ඔවුන් සමාජයේ තනි වූවෝ වෙතී,
පෙමවතියකට පෙම්වතුන් 100ක්
මෙන්ම
ඇය වෙනුමවන්ම වෙන්වූ
දුක්ගන්නාරාළවරුන් 1000කි.
ජීවිතයේ උපරිම ලාභය සතුට ලෙස
සලකන මෙහි
කිසි වෙකුත් දුක කුමකුද යැයිද
නොදනී.
එම නිසා ඔවුන් නිරකුරුව
කාර්ය බහුලව සිටින්නෝය.
අහෝ..........!!
ගත වූයේ නිමේශයකි,
සිදු වූයේ විනාශයකි,
විදුලිය විසන්දි විණි.
මා logout වීමටත් පෙර
පරිඝනකය කියා විරහිත විණි.
මා සිටින්නේ ලංකාවේ බව
විදුලිය මට මතක් කර දූනි.

Sira kathawa
ReplyDeleteYep yep...
ReplyDelete